Wednesday, September 23, 2015

Crouch, Touch, Set............!

සිව් වසරකට වරක් පැවැත්වෙන රග්බි ලෝක කුසලානය මෙවර එංගලන්තයේදී ආරම්භ වූයේ පසුගිය දාහත් වැනිදාය. [මීට වසර හතරකට පෙර පසුගිය ලෝක කුසලානය වෙනුවෙන් මෙම අඩවියේ ලියූ සටහන්]. ගියවර ලෝක කුසලානයට තරග කල රුසියාවට මෙවර සුදුසුකම් ලැබාගැනීමට නොහැකි වූ අතර ඔවුන්ගේ ස්ථානය අත්කරගැනීමට උරුගුවේ සමත්විය. සෙසු සියළුම රටවල් ගියවර තරග කල අතර ඔවුන් කාණ්ඩ ගත වී ඇත්තේ මෙසේය.


A කාණ්ඩය B කාණ්ඩයCකාණ්ඩය Dකාණ්ඩය
ඕස්ට්‍රේලියාව දකුණු අප්‍රිකාවනවසීලන්තය අයර්ලන්තය
වේල්සය ස්කොට්ලන්තයආර්ජන්ටිනාව ප්‍රංශය
එංගලන්තය සමෝආටොංගා ඉතාලිය
ෆීජි ජපානයනැමීබියාව කැනඩාව
උරුගුවේ ඇ.එ.ජනපදයජෝර්ජියාව රුමේනියාව

මෙතෙක් තරගාවලිය....
පළමු තරගය ලෙස සත්කාරක එංගලන්තය හා ෆීජි තරග කල අතර ලකුණු 35-11ක ජයක් එංගලන්තයට හිමිවූ අතර ‍වෙනදාට සාපේක්ෂව ෆීජි කණ්ඩාය‍මේ දක්ෂතා පහතට වැටී තිබූ අයුරු දැකගත හැකි විය. ශ්‍රේණිගතකිරීම් වල ඉහලින් සිටි ටොංගා කණ්ඩායම පරාජය කල ජෝර්ජියාව ලකුණු 17-10ක ජයක් අත්කර ගැනීමට සමත් විය. කැනඩාව හමුවේ අයර්ලන්තය ලකුණු 50-7ක පහසු ජයක් ලබාගත් අතර ප්‍රංශය 32-10 ජයක් ලබාගත්තේ ඉතාලියට එරෙහිවය. සමෝආ කණ්ඩායම ඇමෙරිකා එක්සත් ජනපදයට එරෙහිව ලකුණු 25-16ක ජයක් ලැබූ අතර වේල්සය 54-9 ලෙස උරුගුවේ පරාජය කලේය.

තරගාවලියේ සිදුවූ විශාලතම පෙරලිය දෙවරක් ලෝක ශූරයන් වූ දකුණු අප්‍රිකාව හමුවේ ජපානය ලැබූ ජයග්‍රහණයයි. මීට පෙර ජපාන කණ්ඩායමක් දකුණු අප්‍රිකාව පරාජය කර නොතිබූ අතර මෙම ජයග්‍රහණය හේතුවෙන් බී කාණ්ඩය දැඩි තරගකාරීත්වයක් දැකගත හැකිය. පසුගිය වසර දෙකක පමණ කාලය තුලදී ජපන් රග්බි කණ්ඩායම විශාල ජයග්‍රහණ ලැබූ අතර ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන විට දහතුන් වැනි ස්ථානය දක්වා පැමිණීමට ඔවුන්ට‍ හැකිවිය. 2019 වසරේ පැවැත්වෙන මීලඟ ලෝක කුසලානයේ සත්කාරකයන් වන ඔවුන් ඒ වනවිට කුසලානය දිනාගැනීමට ආසන්න තත්වයට දියුණු වී සිටිය හැකිය. ජපන් කණ්ඩායම ඉදිරියට පැමිණීම පොදුවේ ආසියාවටම වාසිදායකය. ඔවුන් ප්‍රබල තත්වයකට පැමිණ මුල් ස්ථානයක් අත්පත් කරගතහොත් තවත් ආසියාතික කණ්ඩායමකට ලෝක කුසලානයට සුදුසුකම් ලැබීමේ අවස්ථාව ලබාගත හැකිය.

තරගාවලියේ අනෙක් උණුසුම් තරගය පැවතියේ නවසීලන්තය සහ ආර්ජන්ටිනාව අතරයි. 4 Nations තරගාවලියට සහභාගී වන එකිනෙකාට හුරුපුරුදු කණ්ඩායම් දෙකක් වන ඔවුන් අතර තරගය පැවතියේ අනූ දහසක පමණ වාර්තාගත නරඹන්නන් සංඛ්‍යවක් මැද්දේය. තරගය ආරම්භ වී සිව්වැනි මිනිත්තුවේදී ලැබුන දඬුවම් පහර සාර්ථක කරගත් ඩෑන් කාටර් නවසීලන්තය වෙනුවෙන් ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීම ආරම්භ කලද විනාඩි කිහිපයකට පසු නායක රිචී මැකෝ විනාඩි දහයක තරග තහනමකට ලක්වූයේ නීති විරෝධී පාද යොමුකිරීමක් හේතුවෙනි. දහ හතර දෙනෙකු සමඟ අසීරු ක්‍රීඩාවක් කරමින් සිටි නවසීලන්තයට තවත් මිනිත්තු කිහිපයකට පසු ඊලඟ මරු පහර වැදුනේ වින්ග් ක්‍රීඩක කොන්රාඩ් ස්මිත් ද විනාඩි දහයක තරග තහනමකට ලක්වි කණ්ඩායමේ ක්‍රීඩකයන් සංඛ්‍යාව දහතුන දක්වා පහල යාමෙනි. මේ හේතුවෙන් පලමු අර්ධයේදී කිසිදු උත්සාහක දිනුමක් ලබා ගැනීමට ඔවුන්ට නොහැකි වූ අතර ආර්ජන්ටිනාව 13-12 ලෙස පෙරමුණේ පසුවිය.
දෙවන අර්ධයේදී සාර්ථකව තරගයට අවතීර්ණ වූ නවසීලන්තය 26-16 ලෙස ජාම බේරාගැනීමට සමත් වුවද එය මෙවර තරගාවලිය, පෙර තරගාවලි වලට සාපේක්ෂව දැඩි තරගකාරී බවක් අපේක්ෂා කල හැකි බව පෙන්වූ එක් තරගයකි.

ලෝක කුසලානයේ වැඩි වාසි කාටද? මීලඟ ලිපියෙන්.......

79 comments:

  1. කියවන්න යමක් ලිව්වනං නරකද?

    ReplyDelete
    Replies
    1. සියල්ල ලියන්නේ කියවීමටය. එහෙත් කියවන්නන්ගේ රුචිකත්වය විවිධය. ඇතැමෙක් දේශපාලන ලිපි වලට අකමැතිය. ඇතැමෙක් කතන්දර වලට කැමතිය. ක්‍රීඩා ලිපි වලට කැමැත්තෝද සිටිති. කෙසේ වෙතත් සියල්ලන්ම සතුටු කිරීම අපහසු බැවින්ද රග්බි ක්‍රීඩාවට ඇති දැඩි කැමැත්ත නිසාද ඉදිරි සටහන් කිහිපය ඒ වෙනුවෙන් ලියවෙනු ඇත.

      අජිත් මහතාගේ මේ ලිපියද කියවන්නට වටී.
      http://www.w3lanka.com/2015/09/blog-post_23.html

      Delete
    2. හැලපයා ගමේ බයියනේ. ඕකා දන්නේ ගමේ පිළිකනු ගානේ බඩු ගහපු කතා ලියන්න. මූ රග්බි බෝලේ දැක්ක දවසේ කිව්වලු අර මක්කැයි බෝලේ දිගටි වෙලා කියලා.

      Delete
    3. ඇනෝ,
      මේක ලියද්දී මම බලාපොරොත්තු නොවුන පැත්තකට සංවාදය යන බව පේනව දැනටම. එහෙම උනාම කමෙන්ට් මකන්න වෙනව අකමැත්තෙන් වුනත්.
      අනිත් අයගෙ කතා අමතක කරල රග්බි වලට කැමති නම් ඒ ගැන මොනව හරි කියන්න කියල කරුණාවෙන් ඉල්ලා සිටිනව.

      Delete
    4. පලමු අර්ධය අවසානයේ ආර්ජන්ටිනාව 13-12 ලෙස පෙරමුණේ පසුවිය ලෙස නිවරදි විය යුතුය

      Delete
    5. ඇනෝ 11.44
      ස්තුතියි. නිවැරදි කලා

      Delete
    6. මේ වැඩේ මටත් වෙනවා. ඉඳලා හිටලා හරි ක්‍රිකට් හරි ෆුට්බෝල් හරි ගැන ලිව්වොත්.

      Delete
  2. සමහරු ඉන්නවා කියන්න දෙයක් තියෙන නිසා කතා කරන. තවත් සමහරු ඉන්නවා කතා කරන්න ඕන නිසා මොනවා හරි කියන. ලිවීමත් එහෙමයි. ඔය දෙවෙනි කොටසට රාජ් නම් බ්ලොග්කරුවා වැටෙනවට කැමැත්තක් නැති නිසයි මේ කමෙන්ට් එක දාන්නෙ. ඒත් එහෙම වුනොත් නම්, අපරාදෙ මිත්‍රයා !

    ReplyDelete
    Replies
    1. එච්චර සීරියස් ගන්න එපා මචං. මේකෙ මම කැමති දේවල් ලියනව. ඒවා කියවන්න කැමති අය ඇවිල්ල කියවල කමෙන්ට් එකක් දාල යයි.
      හැමදාම හැමෝම කැමති දේවල් ලියවෙන්නෙ නෑ, හැමදාම හැමෝම අකමැති දේවල් ලියවෙන්නෙත් නෑ.

      කොහොම උනත් මාදරයෙන් පිලිගන්නව, කලින් මේ පැත්තෙ ආපු බවක් මතක නෑ.

      Delete
    2. මීට කලින් කමෙන්ට් කලේ නැතත් ඇවිල්ල තියෙනවා. අද ඉඳලා දිගටම අදහස් කමෙන්ට් කරන්නම්. මගේ සෘණාත්මක කමෙන්ටුවට ඔය වගේ ප්‍රතිචාරයක් දුන්න එකෙන් උඹේ මැචුවරිටි එකයි උ‍ඹ පෙන්නුවේ. නැවත හමුවෙමු !

      Delete
  3. හෙහ්, ජපානෙ මාර බඩු නේද?....ආසියාවෙන්ම වර්ල්ඩ් කප් ගියේ උං විතරක් හින්ද අන්තිම මොහොතෙ ට්‍රයි එකක් තියල ජපන්නු දිනනකොට පුදුම සතුටක් ආවෙ. පොඩි දුකකුත් නැත්තෙම නෑ මොකද සවුත් ඇෆ්‍රිකා කියන්නෙ මම කැමතිම ටීම් එකක්. Invictus එහෙම මතකයි නේ?...හෙහ්,හෙහ්

    වර්ල්ස් කප් ගැන මල්ලි මාත් පොඩි සටහනක් ලියමිනුයි ඉන්නෙ. හෙට අනිද්දම දාන්ට ඕන. ස්තුතියි රාජ්...මගෙ ප්‍රියතම ක්‍රීඩාවක් වෙනුවෙන් මෙහෙම සටහනක් ලිව්වට...

    ReplyDelete
    Replies
    1. අඩා උඹත් මං වගේ රග්බි පිස්සෙක් කියල අහන්න ලැබීම තන්තෝසයක්. ලියපං එහෙනං.

      මගෙත් දෙවැනි ප්‍රියතම ටීම් එක ස්ප්‍රිංබොක්ස්. නමුත් ජප්පො දිනද්දි පොඩි මෙව්ව එකක් නොතිබුනාමත් නෙවේ.

      Delete
    2. අපි ඉතිං මචං 'අපේ රටට' නේ සපෝර්ට්... පුරවැසිකම ලැබෙනකොටම දිවුරුම් දුන්නා ක්‍රිකට් හැර අන් සියලුමේ දේට රට වෙනුවෙන් පෙනී හිටිනවා කියලා...

      Delete
    3. ඔසියොත් හොඳයි. මාත් කැමතියි. වොලබීස්ලගෙ කැමතිම බුවා තමයි ග්‍රීගන්. ඇඟ පුංචි උනත් කඩිය වගේ වැඩ. දැං නං විශ්‍රාම අරගෙන. අනිත් එකා රොඩික් සමෝ. විල් ගිනියා, නේතන් ශාප් ක්වාඩ් කූපර්..... කැමති එවුන් සෑහෙන්න ඉන්නව

      Delete
    4. ග්‍රෙගාන් ලොමූව වන් ඔන් වන් ටැකල් එකකදී බිම දාන ක්ලිප් එකක් මම මෙහෙදී දැකලා තියනවා, යූ ටියුබ් එකේ හෙව්වට හම්බවුණේ නෑ. මෙහෙ රග්බි ජාති දෙකයි, රග්බි යූනියන් (මේක තමා අන්තර්ජාතිකව වඩා ප්‍රචලිත), අනික රග්බි ලීග්. ලීග් එකේ නීති රීති ටිකක් වෙනස්, ෆාස්ට් මූවිං ගේම් එකක්... ටිකක් වැඩේ සරල කරලා, හයි ක්ලාස් එකට විතරක් සීමා වෙච්ච රග්බි පොදු ක්‍රීඩාවක් කලේ ලීග් වලින් කියලා තමා සැලකෙන්නේ. මෙහෙ ලීග් තමා ජනප්‍රියම, යූනියන් බලන්නේ සාපේක්ෂව ටිකයි.

      Delete
    5. ලීග් කියන්නෙ ටකල් කල ගමන් බෝලෙ බිම තියල කකුලෙන් පස්සට තල්ලු කරනක්‍රීඩාව නේද?

      Delete
  4. ස්ප්‍රිංබොක් ලා ජපානෙට පැරදීම පුදුමයක්. අපේ ඔෆීසියේ උන්නා දකුණු අප්‍ර්‍රිකාකාරයාට මං ඒ ගැන මතක් කළේවත් නෑ!

    ReplyDelete
  5. මං හිතුවේ ලංකාදීපේ අන්තිම පිටුව කියවනවා කියලයි..
    ආර්ජන්ටිනා තරගේ මගේ හිත ගත්තේ ඕල් බ්ලැක්ස්ලා මැච් එක ඉවර වෙලා ,උංව හීට් කරපු ආජන්ටිනා ටීම් එකට චියර් කරපු එකටයි..

    ReplyDelete
    Replies
    1. ඕල්බ්ලැක්ස්ල සාමාන්‍යයෙන් ඉතාම විනයගරුකයි. ක්‍රීඩාවේදීත් ඉන් බැහැරවත්. නවසීලන්ත ජාතිකයන් කොහොමත් ටිකක් කූල් බුවාලනෙ.
      ඕල්බ්ලැක්ස්ල කහ කාඩ් දඬුවම් වලට ලක්වෙනව දැක්කෙත් කාලෙකට පස්සෙ. ඔවුන්ට එරෙහිව පෙනල්ටි නොලැබීමත් ප්‍රතිවාදීන්ට තර්ජනයක්.

      Delete
  6. රගර් මගේ සිත් ගත් ක්‍රීඩාවක් නොවේ රාජ්.

    ReplyDelete
  7. චියර් ලීඩර්ස්ලා බලන්න හරි ෆුට් බෝල් බලන අපි වගේ එවුන්ට ගැලපෙන්න චියර්ලීඩර්ස්ලා ගැනත් ලියහං රාජ්! :D

    I think football would become an even better game if someone could invent a ball that kicks back කියලා කවුදෝ එකෙක් කිව්වලු ෆුට්බෝල් ගහනවා ටිකක් වෙලා බලා ඉඳලා.

    ReplyDelete
    Replies
    1. ඒ මම නං ඇස්ඇල්පීඇල් කාලේ ඒ ගැන ලිව්වා. හැක්

      Delete
  8. තරගාවලියට සුපිරි ආරම්භයක් ලැබුනා...

    ReplyDelete
    Replies
    1. ඔව්. මේ සැරේ ටීට් ඔක්කොම සාපේක්ෂව හොඳයි වගේ. දැනට ලොකු ලකුණු ගනන් වැදුනෙ නෑ පහල ඉන්න අයටවත්

      Delete
    2. ජපානෙ ඔය විදිහට ගියොත් ආසියාවට තව අවස්තාවක් ලැබෙයි...මරීජ මාස කීපයකට කලින් ඉල්ලල තිබුණ විදිහට විදෙස් පුහුණුවක් දෙන්න පුළුවන්නම් ද.කොරියාව සහ හොං කොං පරාජය කරල ඒ අවස්ථාව ලංකාවට ගන්න පුළුවන් වෙයි...ක්‍රීඩා අමාත්‍යංශය ඒ ගැන බලන්න වෙනවා...

      Delete
    3. කප් එකට ගහන්න තෝරාගන්නා විදිය ටිකක් සංකීර්ණයි. ආසියාවට තව චාන්ස් එකක් ලැබුනත් ආසිය‍ාවෙන් පිට අඩුම එක රටක් එක්ක තරග කරන්න වෙනව. නැමීබියා, ජෝජියා, උරුගුවේ, රුමේනියා, රුසියා වගේ එක රටක් සෙට් වෙනවම තමයි. රෑන්කින් වල විස්සෙන් මෙහාට එන්න පුළුවන් නම් ගොඩයන්න පුළුවන්.

      Delete
    4. ඔය අවස්ථාව කොහොමත් තියෙනව නේද?එක පාරක් පිලිපීනෙට ලැබිල උරුගුවේට පැරදුණ නිසා අහිමි වුනා මට මතක හැටියට..

      Delete
    5. අන්න හරි. මෙතනදි මුනගැහෙන්නෙ අාසියාවෙන් පිට වෙනත් රටක්. පිලිපීනය ගැන නං මතකයක් නෑ. කොයි කාලෙද ඔය?

      Delete
    6. වැරදීමක් පිලිපීනය ‍ෙනෙ‍ෙවෙයි ‍ෙකෙොරියාව...

      Delete
  9. මේ ක්‍රීඩාවට මනාපයක් නැතත් ජපනා ඉස්සරහට එන එක ගැනනම් බොහොම සතුටුයි. උරුගුවේ තේරුනා කියල ඇහුවම මට මතක්වුනේ A Live කියන නවකතාව. ලඟදී ඒ ගැන පොඩි සටහනකුත් ලියන්න හිතාගෙන ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක නං කියවල නෑ.

      Delete
    2. මිනීමස් කාපු සීන් එක

      Delete
    3. හද සසල කරවන කතාවක් ඒක. ජීවිතය අන් තැනක කියලා මේ පොත සිංහලටත් පරිවර්ථනය වුණා.

      Delete
    4. රාජ් මේ පොත කියවන්න. රගර් තරගයක් සඳහා යන උරුගුවේ ටිම් එක හා ඔවුන්ගේ හිතවතුන් ගමන් ගත් ගුවන් යානය හිම කන්දක හැපි විනාශ වෙනවා. එහි ගිය පිරිසෙන් මට මතක විදියට 11දෙනෙක් දින 80කට පසු ආපසු එනවා. ඒ අතර කාලයේ ඔවුන් හිම මත ජීවත් වෙන්නේ තම සහෝදරයන්ගේම මිනි මස් කමින්. සත්‍ය කතාවක් මේක.

      Delete
    5. ඇත්තටම හද සසල කරපු පොතක්.

      Delete
  10. වැඩියෙන් බලන්නේ ක්‍රිකට් වුනත් , සම්පූර්ණ තරඟයක් ලෙස සොකර් හා රගර්වලට වඩා ක්‍රිකට් රස විඳිය හැකි වුනත් (ක්‍රිකට්වල ඇති සංකීර්ණත්වය නිසා), මැරඩෝනාගේ ඩ්‍රිබ්ලින් හා ජෝනා ලෝමූ ගේ ට්‍රයි ස්කොරින් වලට සමාන ත්‍රිල් එකක් දැනෙන හැකි ක්‍රිකට් දක්ශතාවක් මා දැක නැත

    ReplyDelete
    Replies
    1. ලෝමු අසනීප වුන එකට ඒකාලෙ පුදුම දුකක් දැනුන. රාජ් බලල තියනවද Tyrese Johnson-Fisher?
      https://www.youtube.com/watch?v=JFGuO9aby10. මට දැක්ක ගමන් ලෝමූ මතක් වුනා.
      මිනිහ ඔය විදිහටම ආවොත් ඉන්ගලන්තෙ මගෙ ෆේවරිට් ටීම් එක වෙයි !

      Delete
    2. ලොමූ සජීවීව නං බලල නෑ. නමුත් එයාගෙ වීඩියෝ ටික නං බැලුව. (අර සුප්‍රසිද්ධ ට්‍රයි එක, සෙමියෙදි ප්‍රංශ කාරයන් පෙරලගෙන යන) ඒ ලෙවෙල් එකට එන්න පුළුවන් එකෙක් තාම මතුවුනේ නෑ. ලොමූට පස්සෙ එතනට ආපු ජෝ රොකොකොකෝත් ටිකක් විතර හොඳයි.
      මීටර සීය තත්පර දහයයි ගානකින් දුවන බව අහල තියනව. නිකමට හිතල බලපං කිලෝ එකසිය ගානක එකෙක් ඒ විදියට දුවගෙන එද්දි නවත්තන්න පුළුවන්ද කියල. (දිවිල්ලෙන් නං හබානටත් ඔය රෙකෝඩ් එක තියනව. නමුත් මෑන්ගෙ බර අසූ ගනනයි)

      Delete
    3. ජොන්සන්ගෙ වීඩියෝව බැලුව. නමුත් මට නං හිතෙන්නෙ බුවා එක්කෝ මළල ක්‍රීඩා කල යුතුයි. නැත්තං 7s රග්බි තෝරාගත යුතුයි. ජාත්‍යන්තර ‍මට්ටමේදි ට්‍රයි එකක් ගන්න ඔය වේගය විතරක් තිබිල වැඩක් නෑ මට හිතෙන හැටියට. ක්‍රීඩකයාගෙ ගම්‍යතාවයට හේතුවන තරම් බරක් තියෙන්න ඕන. බලමු බුව‍ාගෙ අනාගතය කොහොම වෙයිද කියල.

      Delete
  11. තරග ඔක්කොම ටික බැලුවා වගේ තමා..... අගෙයි

    ReplyDelete
    Replies
    1. එල! සන්තෝසයි තවත් රග්බි බලන එකෙක්....

      Delete
  12. මං ගොඩක් ආස ෆුට් බෝල් මැච් බලන්න. බාර්සිලෝනා ප්ලේ කරද්දී තියෙන චියර් එක දකිද්දී මාර ගැම්මක් එන්නේ එක දිගට බලන්න. මං රගර් මැච් කීපයක් බැලුවා මෙදා වර්ල්ඩ් කප් එකේ. ඒත් මං ඒ ගේම් එක රස විඳින්න දන්නේ නැතුව ඇති. ඉස්සර ක්‍රිකට් තමයි මගේ කැමතිම ක්‍රීඩාව. ඒත් මෙහෙට ආවට පස්සේ ෆුට් බෝල් මැච් බලන්න ගත්තට පස්සේ තමයි තේරුණේ. ටෙස්ට් මැච් දවස් ගාණක් කාලේ නාස්ති කර කරා සල්ලි නාස්ති කර කරා කිසිම චියර් එකක් නැතුව ඔහේ ගහන එකෙයි. මුළු දවසක් තිස්සේ වන් ඩේ මැච් ගහන එකෙයි නැති පුදුම ජවයක් ෆුට් බෝල් වල තියෙනවා කියලා. ක්‍රීඩකයෝ කිසිම උපකරණයක් පාවිච්චි නොකර තමන්ගේ ශරීර ශක්තියෙන් විනාඩි 90 ඉක්මවා ක්‍රීඩා කරන එක හරිම වෙනස්. මේ ටිකේ ආයෙම මෙහෙ ලීග් පටන් ගත්තා පුළුවන් හැම මැච් එකම බලනවා ෆුට් බෝල් ප්ලේ කරන ක්‍රීඩකයාගේ ජවය සහ ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන චියර් එක මං හිතන්නේ නෑ ලෝකේ කිසිම ක්‍රීඩාවකට ඇති කියලා.. ඒ වගේම බෝලෙත් එක්ක ඔට්ටු වෙන රගර් කියන්නෙත් ඒ වගේම ක්‍රීඩාවක් වෙන්න ඇති,

    දේශපාලන ලිපිම නොලියා මේ වගේ ඔයා කැමති එක එක වර්ගයේ ලිපි ලියන එක නියමයි.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කමෙන්ටුවට සහ කලින් සිහිකැඳවීම් කමෙන්ටුවට ☻

      රග්බි නීතිරීති ටික ෆලෝ කලොත් රග්බි වලට අකමැති වෙයිද කෙල්ලො? සොකර් වල ඉන්න කැහැට්ටො වගේ නෙවේ හොඳ හැන්ඩි බුවාල ඉන්නෙ රග්බි වල තමයි.

      Delete
    2. ලංකාවෙ කෙල්ලො නම් කැමතියි නේද? . තමන්ගේ ඇඳුම් ෆැශන්ස් ප්‍රදර්ශනයටත් රගර් මැච් නැරඹීම යොදා ගන්නව.
      Royal Ascot වගේ තැන්වල ( නුවර එලියෙත්) රේස් බලන්න යනකොට ෆැශන්ස්වල කැෂුවල් වර්ෂන් එක කොලඹ /නුවර රගර් මැච් :-D

      Delete
    3. //ලංකාවෙ කෙල්ලො නම් කැමතියි නේද? . තමන්ගේ ඇඳුම් ෆැශන්ස් ප්‍රදර්ශනයටත් රගර් මැච් නැරඹීම යොදා ගන්නව. /// ඒ කනම් ඇත්ත අයියේ. මාත් දැක්කා. තරගය ගැන මෙලෝ සිහියක් නෑ.


      හි හි .. කහැට්ටෝ කියන්න එපා මෙස්සි ගේ උපන් හැටි තමයි ඒ. එයාලගෙ කකුල් මාර කෙට්ටුයි වෙනස්.

      රගර් ගැන කියෝලා අනිත් අතට කියවන්න ලැබුණේ තාජුඩින්ගේ ශරීරෙන් ඉවත්කරලා අධි ශීතකරණයේ තිබ්බ කොටස් 5ක් කවුරුහරි හොරකම් කරලා කියලා.

      රගර් ප්ලේයර්ස්ලා හැන්ඩියෝ තමයි. සමහරවිට මං අකමැති වෙන්න හේතුව අර තඩි මිනිස්සු ගොඩක් ඔට්ටුවෙන ඇමරිකන් ෆුට් බෝල් නිසා වෙන්න ඇති.

      Delete
    4. සොකර් වලට මගේ සාමාන්‍ය ආසාවක් තියනවා, ඒත් දිරවන්නෙම නැත්තේ, අතක් පයක් ගෑවිච්ච ගමන්ම බිම පෙරළි පෙරළි කෑගහන එක. වැඩි දෙනා ඕක කරන්නේ බොරුවට. අර සමහර පොඩි එවුන් ඉන්නේ අඬන්න හේතුවක් හොය හොයා... කවුරු හරි ලඟින් ගියත් අඬනවා. අන්න ඒ වගේ.

      ඒ වගේද රග්බි, උස්සලා පොලොවේ ගැහුවත් ආයෙත් නැගිටලා දුවන්නයි බලන්නේ... අඬන බබාලත් නෑ...

      Delete
    5. මටත් පේන්නම බැරි සොකර්වල අඬන බබාල

      Delete
  13. මාත් රග්බි පිස්සෙක් , ඕල් බ්ලැක්ස් ෆෑන් කෙනෙක්. මේ දවස් ටිකේ මටත් සහලෝල රග්බි උන.

    ReplyDelete
  14. මාත් රග්බි පිස්සෙක් , ඕල් බ්ලැක්ස් ෆෑන් කෙනෙක්. මේ දවස් ටිකේ මටත් සහලෝල රග්බි උන.

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් ට්‍රයි එක දෙවනි එකෙන් කන්වර්ට් කරනවද?

      Delete
    2. කම්මලයට තියෙන ලෙඩේ ඇවිල්ල නිදන්ගත ද්විත්ව ටීකා සහලක්ෂණය ( Chronic Double Comment Syndrome )

      Delete
    3. කමෙන්ට් ට්‍රයි එක දෙවනි එකෙන් කන්වර්ට් කරනවද?// ☻

      රවිගෙ කමෙන්ටුව කියවන්න ට්‍රයි කලේ නෑ දිව ගැන හිතල ☺

      දැං බැලුවම ෆෑන්ස්ල ඉන්නව ඕන තරං.

      Delete
  15. වේල්සය රටක් විදියට කැඩිලද රාජ්
    ඇත්තටම නොදන්නා නිසයි ඇසුවෙ.. සාමාන්‍යෙයන් ක්‍රීඩා ඉසව් පැත්තෙ ලිපි ලියවෙනව අඩු වුණත් ලියවෙන ඕන එකක් කියවන්න කැමතී..
    හැබැයි බලන්න වෙලාවක් නෑ...
    ඔය රග්බි එපයි කියල කියන අය 11 වෙස්ට් ඉන්ඩීස් ශ්‍රී ලංකා මැච් එක පට්ට ගහද්දි හොද සනීපයක් තියෙි නේඑහ් හිහික්

    ReplyDelete
    Replies
    1. වේල්ස් විතරක් නෙවේ ඔය රටවල් හතරම වෙනම රග්බි සෙල්ලම් කරන්නෙ. හිටපු ගමන් බ්‍රිටිෂ් ලයන්ස් කියල මික්ස් කරගෙනත් ගහනව.
      රටවල් විදියට නොවුනත් රැජින යටතේ පාලනය වෙනව. වෙනම පාර්ලිමේන්තුත් තියනව දන්න තරමට. ‍ස්කොට් කාරයො වෙන්වෙන්නත් ගියා ලඟදි. දේශපාලනිකව අපේ වගේ අවුල් නැති නිසා මහලොකු ගැටුම් නැති එහෙත් ඔවුන්ට ස්වෛරී පාලනයක් තියන බව පේනව.

      Delete
    2. ඇත්ලටික්ස් නම් එක්සත් රාජධානිය (හෝ මහා බ්‍රිතාන්‍යය - මතක නෑ හරියට) විදිහට නේද?
      ක්‍රිකට්, සොකර්, රගර්, etc වෙනම

      ලඟදි ඉඳන් ස්කොට්ලන්තෙට පාර්ලිමේන්තුවක් හා වේල්සයට ජාතික සභාවක් National Assembly තියනව.
      අතීතයේ වෙනම තිබිල පසුව Great Britain ( E + S + W ) හා United kingdom ( Great Britain + N. Ireland ) ලෙස එක්වූ රටවල්

      Delete
    3. ක්‍රිකට් වලදී England & Wales එකට.

      Delete
  16. මේ සැරේ රග්බි වර්ල්ඩ් කප් එකේ පුදුමාකාර විප්ලව වෙයි කියලා හිතෙනවා. වල් අස්සයෝ රේස් එක දිනයිද දන්නේ නැහැ.

    අම්මෝ මාස තුනක් රග්බි පුහුණුවෙන්න ගියා ඉස්කෝලෙදි. තව ඉස්කෝලෙකින් ආව හෙනකඳයෙක් මගේ කොන්දට උගේ දනිස්ස තියලා මාව අනික් පැත්තට නැව්වා. දවස් තුනක් ගෙදර ඉඳන් තෙල් ගාන්න වුනා. ඊට පස්සේ නෝ රග්බි.

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතෙනව. විශේෂයෙන්ම එංගලන්තය අයර්ලන්තය වේල්සය තුනට වාසියි.

      Delete
  17. අපිටනම් ඊජීබී නැතුව කෑමත් එපා
    අර කට්ටිය නැතුව රගරැත් එපා


    මම නම් හිතන්නේ සාෆා දිනයි මේ සැරේ

    ReplyDelete
    Replies
    1. සෆ්ෆන්ට අමාරුයි මචං. ජප්පොන්ට පැරදුනා ඉස්සෙල්ලම. ඊට කලින් ආර්ජන්ටිනාවටත් පැරදුනා. ක්වාටර් එකේදි කැපුනත් පුදුම වෙන්න එපා.

      Delete
  18. GOOOOOO ALL BLACKS!!
    ගොඩක් රටවල ටෙලිකාස්ට් කරණකොට මුදල් ගෙවා ගන්න චැනල්ස් වල ඉස්සෙල්ල යනවා. ෆ්‍රී ටු එයා චැනල්ස් වල යන්නේ විනාඩි විස්සක් විතර පරක්කුවෙලා. නවසීලන්තයෙ මිනිස්සුන්ට රග්බි කියන්නෙ ආගමක්. උන්ට මැච් එක ලයිව් බලන්න ඕන. ඒකේ ජීවත් වෙන්න. ඉතින් උන් කැමති නැහැ රිසල්ට් එක කලින් දැනගන්න. පේ ටී වී බලපු එකෙක් නිකං හරි රිසල්ට් එක කිව්වොත් එයාට මැරුම්කන්න තියෙන චාන්ස් එක ගොඩක් වැඩියි.

    ReplyDelete
    Replies
    1. යකෝ නවසිලන්තෙ එවුන්ටවත් ලයිව් බලන්න බැරිද! පුදුම ලෝකයක්නෙ මේක.

      Delete
    2. ඇත්තටම දැන් වෙනස් ඇති. මම කිව්වෙ අයිෆොන් එන්න ඉස්සර අවුරුදු 20 කට එහා තත්ත්වෙ. ලයිව් ඕනනම් ස්කයි ටී වී ගන්න ඕන. ඒකට ගෙවන්න ඕන. සාමාන්‍ය අයට තිබුනේ ටී වී වන් , ටී වී 3 වගේ ෆ්‍රී ටු එයා. ස්කයි සල්ලි ගෙවනව රග්බි නිව්සීලන්ඩ් වලට. දැන් වෙනස් ඇති.

      Delete
  19. මතකයි Rudie van Vuuren 2003 රග්බි වර්ල්ඩ් කප් එකටයි ක්‍රිකට් වර්ල්ඩ් කප් එකටයි දෙකටම සෙල්ලම් කළා.

    ReplyDelete
    Replies
    1. ක්‍රිකට් සහ රග්බි ජාතික කණ්ඩායම් නියෝජනය කල තවත් කෙනෙක් තමයි ජෙෆ් විල්සන්. දැනට ඕල්බ්ලැක්ස් වල ඉන්න සොනි බිල් විලියම්ස් කියන්නෙ හෙවිවේට් ක්‍රීඩකයෙක්.

      Delete
  20. මේ දවස්වල තීන තත්ත්වෙ එක්ක මැච් ටික බලාගන්න බැරි එක තමා දුක. යන්තන් පත්තරෙන් රිසල්ට් එක බලා ගන්නව.

    රග්බි කියන්නෙ මොකද්ද කියල ඉගෙන ගත්තෙ ඒ ලෙවල් වලට ගමේ ඉස්කෝලෙට ආවම. උන් මේ පාර ලංකාවෙ ස්කූල් රග්බිවල පෙරලියකුත් කරල.

    මෙහෙම උන්නට අපිත් හොඳ ෆුල් බැක්ල තමා. ඒ අතීතකාලෙ ගැනවත් ලියන්න බලමු

    ReplyDelete
    Replies
    1. උඹලගෙ දිහාවට ටයිමින් නං ගානට සෙට් වෙනව නේද? අපි සමහර මැච් බලන්න සෑහෙන්න නිදිමරන්න ඕන.

      Delete
  21. නිව්සීලන්ඩ් මැච් එක මං බැලුවා.. ඒක නිකං හීට් එකක් වගේ නේද උන් ප්ලේ කරේ? අන්තිම මොහොතේ ගෝල් 2ක් ගේමක් නැතුව ස්කෝර් කරලා මැච් පොයින්ට ගත්තා වගේ හැඟීමක් මට නම් ආවේ.. :/ (ඒක වර්ල්ඩ් කප් එහෙක නොවිය යුතු දෙයක් උනත්)
    ස්ටිල් මයි ෆේවරිට්ස් ආර් බ්ලැක් කැප්ස්.. ලෙට්ස් සී යුවර් නෙක්ස්ට් පෝස්ට්.. :)

    ReplyDelete
  22. මට මේලෝ දෙයක් නොතේරුණත් (අවංකවම කිව්වොත් තේරුම් ගන්න උත්සහ නොකළත්) මේ ක්‍රීඩාවට කැමති අයට වටිනා හොද ලිපියක් කියලා හිතනවා...... ජය.....

    ReplyDelete
    Replies
    1. //කැමති අයට වටිනා හොද ලිපියක් කියලා හිතනවා.//

      එහෙම කිව්වෙ කමෙන්ට් බලලා හොදේ..........

      Delete
  23. රග්බි ගැන නමි මෙලෝ දෙයක් දන්නැ.ඔබෙ ලිපි වලින් තමයි විස්තර ටිකක් දැනගන්න වෙන්නේ.නමුත් මම කැමති ක්‍රිඩාවක්.ඔය බොලේ වෙනස් විදියකට තියෙන්නේ මොකක් හරි හේතුවක් නිසාද.ඒ කියන්නේ ක්‍රිඩාවට ආවෙනික වීම හෝ පහසුවිම වගේ දෙයක්

    ReplyDelete
  24. එකම කරුමේ තියෙන වෙලාවල් තමා..

    ReplyDelete
  25. රගර් නම් මෙලෝ අල බෝලයක් දන්නේ නෑ...කොටින්ම කියනව නම් බෝලේ අරන් දුවන්නේ ඇයි කියලවත් තෙරෙන්නේ නෑ....ඔහොම වෙතත් ක්‍රීඩකයෝ නම් හැන්ඩියෝ කියන එක පිලි ගන්නවා....
    මම ආසම ඉතින් සොකර් සහ ක්‍රිකට් මැච් වලට තමා....ක්‍රිකට් වලත් ටී. 20 තමා......
    අපේ කොල්ලො ටික පිට්ටනියට බැහැලා සෙල්ලම් කරද්දි ඇගට දැනෙන ඒ ගැම්ම....රෝම කූපයක් ගානේ දැනෙනවා බන්.....
    ඒක වචනෙන් කියන්න බෑ බන්.....
    මම කියන්න දෙයක් නෑ.....
    උබ ඒක විදලා ඇති නැති වෙන්න......

    ReplyDelete
  26. මචං මට රගර් රූල්ස් හොඳටම තේරෙන්නේ නෑ. ඒ වුණත් ජපන් ස්කොට්ලන්ඩ් මැච් එකේදී රෙෆා ස්කොට් කාරයන්ට ඇද්දා කියලා මට හිතෙනවා. අනිත් එක අද පත්තරේ තිබුණා, මේ මැච් එකේ ග්‍රවුන්ඩ් එක තේරීම වැරදියි කියලා. ඒ ක්ලයිමෙට් එකට සෙට් වෙන්න ජපනුන්ට දුන්න කාලේ මදි කියලා.

    කවුරුත් සඳහන් නොකරපු ජොනි විල්කින්සන් නොමැකෙන නමක් තබපු ඉන්ග්ලන්ඩ් ක්‍රීඩකයෙක් නේද ? දැන් ඒ ස්ටයිල් එකට කවුරුත් කන්වර්ට් ෂොට් ගන්න යනවා පේනවා. මේක තනිකරම ශක්තිය මත පදනම් වෙච්ච ක්‍රීඩාවක් නිසා බොහෝ රටවල වැදී ජනතාවත් ක්‍රීඩාව කරනවා. නිව් සීලන්ඩ්, සැමෝවා, ෆිජි උදාහරණ. සමහරවිට ඕස්ට්‍රේලියා එවුනුත් ඇති. කැත නැතිව බලා ඉන්න පුළුවන් ක්‍රීඩාවක්. මමත් හැම ක්‍රීඩාවටම කැමති මිනිහා නිසා, වර්ල්ඩ් ආවම බලනවා. පෙන්වන වෙලාව තමයි අප්ෂට්.දිගටම ලියපං වෙනසකටත් එක්ක.

    ReplyDelete